ජනතාව බහුලව ගැවසෙන ස්ථානවල තවදුරටත් ඇන්ටිජන් පරීක්ෂණ

ජන 17, 2021

    ජනතාව බහුලව ගැවසෙන ස්ථාන ඉලක්ක කර ගනිමින් අහඹු ලෙස ඇන්ටිජන් හා PCR පරීක්ෂණ සිදුකිරීම තවදුරටත් සිදුකරන බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පවසයි.

    යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ ජනතාව තුළ තවදුරටත් වෛරසය පැතිර යාම වැළැක්වීම අරමුණු කර ගනිමින් මෙම කටයුතු සිදුකරන බවයි.

    නිරෝධායන රීති කඩකළ පුද්ගලයින් 29 දෙනෙක් බස්නාහිර පළාතෙන් පිටතදී ඉකුත් පැය 24 දී අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

    Latest News