බස්නාහිරින් පිටවීමට ගිය තවත් 07 දෙනෙක්ට කොවිඩ්

ජන 15, 2021

    බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින් ඉලක්කර කර ගනිමින් ස්ථාන 11කදී ඊයේ දිනයේදීත් අහඹු ලෙස රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකළ බව පොලීසිය පවසයි.

    පුද්ගලයින් 326 දෙනෙක් එලෙස ඊයේ දිනයේදී රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා පෙනී සිටි බවයි පොලිසිය පැවසුවේ.

    ඒ අතරින් පුද්ගලයින් 07 දෙනෙක් කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

    බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින් ඉලක්කර කර අහඹු ලෙස සිදුකරන රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ අඛණ්ඩව සිදුකෙරෙන බව ද පොලීසිය ප්‍රකාශ කළේය.

    Latest News