අල්ලස් ගත් ගොවිජන සංවර්ධන නිළධාරියෙක්ට වසර 10ක සිර දඬුවම්

ජන 15, 2021

    රුපියල් 30,000/- ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවකට වරදකරු කෙරුණු නොච්චියාගම, රණෝරාව ගොවිජන සේවා සංවර්ධන මධ්‍යස්ථානයේ හිටපු ගොවිජන සේවා සංවර්ධන ප්‍රාදේශීය නිලධාරීවරයෙකුට කොළඹ මහාධිකරණය බරපතල වැඩ සහිතව වසර 10ක සිර දඬුවම් හා දඩ මුදල් නියම කළේය.

    කොළඹ මහධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

    මෙම දඩ මුදලට අමතරව රුපියල් දස දහසක දඩයක් ද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩ මුදල ගෙවීම පැහැර හැරියොත් අමතරව වසර දෙකක සිර දඬුවම් නියම කරන බවද තීන්දු කළේය.

    අමතරව අල්ලස් වශයෙන් ලබා ගත් රුපියල් 30,000ක මුදල දණ්ඩනයක් වශයෙන් විත්තිකරු ගෙන් අය කර ගන්නා ලෙසත් එම දණ්ඩන මුදල ගෙවීම පැහැර හැරියොත් අමතරව වසරක සිර දඬුවම් නියම කරන බවත් විනිසුරුවරයා නියෝග කළේය.

    2016 වසරේ ජනවාරි මස 12 වැනිදා නොච්චියාගම, රණෝරාව ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ප්‍රාදේශීය සංවර්ධන නිලධාරියා වශයෙන් කටයුතු කරමින්ක් චෙක් පතක් මුදල් කිරීමට අවශ්‍ය කටයුතු ඉටු කර දීම සඳහා රුපියල් 30,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එය ලබා ගත් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් චෝදනා හතරක් යටතේ මෙම විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිණ.

    දීර්ඝ නඩු විභාගයකින් පසුව මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කළේ විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බවයි.

    ඒ අනූව මෙම දඬුවම් නියම කරන බවද විනිසුරුවරයා සඳහන් කළේය.

    Latest News