මින්නේරිය හා ගිරිතලේ ජලය අරපිරිමැස්මෙන් පරිහරණය කරන ලෙස ඉල්ලීමක්

අගෝ 04, 2023

    මින්නේරිය හා ගිරිතලේ ජලාශයන්වල ජලය අරපිරිමැස්මෙන් පරිහරණය කරන ලෙස, මින්නේරිය වාරි මාර්ග ඉන්ජිනේරු කාර්යාලය ගොවිජනතාවට දැනුම් දෙනවා.

    පවතින දැඩි වියළි කාලගුණ තත්වය ඊට‍ හේතුවයි.
    මෙම ජලාශවල ජලය යොදා ගනිමින්, ප්‍රදේශයේ ගොවීන් තම වී වගා කටයුතුවල නිරත වනවා. තවත් ජල මුර තුනක් ගොවිජනතාවට නිකුත් කළ යුතු බැවින්, ලබා දෙන ජලය අරපිරිමැස්මෙන් හා නිසි කළමනාකරණයකින් යුතුව වගා කටයුතු සඳහා යොදා ගන්නා ලෙසයි, ‍මින්නේරිය වාරි මාර්ග ඉංජිනේරු අසේල උදයංග මහතා ගොවි ජනතාවට දැනුම් දෙන්නේ. නිසි කළමනාකාරීත්වයකින් යුතුව ජලය භාවිතයට ගත හොත් කිසිදු ජල හිඟතාවකින් තොරව ගොවීන්ට ජලය නිකුත් කිරීමට හැකි වනු ඇති බවයි, ඉංජිනේරුවරයා පෙන්වා දෙන්නේ.

    Latest News