මත්ද්‍රව්‍යය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ ගිය දෙදෙනෙක් අත්අඩංගුවට

ජන 15, 2021

    අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි දෙදෙනෙක් ඊයේ (14) දින පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගත් බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා පැවසිය.

    ඔවුන් දෙහිවල සහ ගල්කිස්ස ප්‍රදේශවල පදිංචි 42 සහ 31 හැවිරිදි අයයි.

    ඔවුන් පදිංචි ප්‍රදේශවල මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාගේ නිර්දේශයක් සහිතව ශ්‍රී පාදය සංචාරය කිරිමට පොදු ප්‍රවාහන සේවා මගින් (14) දින පැමිණ ඇති අතර එම සැකකරුවන් දෙදෙනා නල්ලතන්නිය සිතගගුල පාලම අසලදි සිවිල් ඇදුමෙන් සැරසි සිටි පොලිස් නිලධාරින් පරික්ෂා කිරිමේදි එක් සැකකරුවෙකු සන්තකයේ හෙරොයින් මිලිග්‍රෑම් 92 ක් සහ අනෙක් සැකකරු සන්තකයේ අයිස් මිලිග්‍රෑම් 500 ක් තිබි පොලිස් භාරයට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    ශ්‍රී පාද වන්දනාවේ පැමිණිමේදි මත්ද්‍රව්‍ය රැගෙන නොපැමිණෙන ලෙසත්, එසේ පැමිණෙන අය අත්අඩංගුවට ගැනිමට විශේෂ ආරක්ෂිත වැඩ පිලිවෙලක් දියත් කර ඇති බවයි නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

    Latest News