අග්‍රාමාත්‍ය තුමාගේ තෛපොංගල දින පණිවුඩය (වීඩියෝ)

ජන 14, 2021
  • ශ්‍රී ලංකාවේ සාමය හා සංහිඳියාව අධිෂ්ඨාන කරගත් ජාතික සංහිඳියාවේ දිනයක් බවට තෛපෝංගල් දින උත්සවය පත්වනු දැකීම අප සැමගේ අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

    තෛපෝංගල් දින සිය පණිවුඩයෙන් අග්‍රාමාත්‍යවරයා කියා සිටින්නේ අභියෝගාත්මක කාලවකවානුවක වුවද සෞභාග්‍යමත් දේශයක් වෙනුවෙන් සියළු ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීමට රජය කැපවී සිටින බවයි.

    නව වසරේ උදාව සමරන සියලුම දෙමළ ජනතාව සහ අනිකුත් ජන කොටස් වෙත තෛපෝංගල් දින අර්ථය සිය ජීවිතවලට ළඟා කර ගැනීමෙන් අනාගත ශ්‍රී ලංකාව සෞභාග්‍යමත් හා සාමකාමී දේශීය බවටත් පෙරට ගෙන යා හැකි බව අග්‍රාමාත්‍යවරයා සිය පණිවුඩයෙන් අවධාරණය කරනවා.

    Last modified on සිකුරාදා, 15 ජනවාරි 2021 04:36

    Latest News