හින්දු බැතිමතුන්ගේ ප්රධානතම ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය අදට (14) යෙදී තිබෙනවා. ලොවපුරා වෙසෙන හින්දු බැතිමතුන් මෙන්ම මෙරට හින්දු භක්තිකයින් ද තෛපොංගල් උත්සවය මහත් හරසරින් සැමරීම සිදුකරනු ලබනවා. වසර 2000කට වඩා වැඩි ඉතිහාසයකට දිව යන මෙම ආගමික උත්සවය හිරු දෙවියන් මූලික කර ගනිමින් සිදු කරනු ලබනවා. වසරක් පුරාවට තම වෙහෙස මහන්සියෙන් රැස් කර ගත් අස්වැන්න ගෙට ගැනීමෙන් පසු ඒ සදහා උදව් උපකාර කළ සූර්යයා, වර්ෂාව හා ගොවි සතුන්ට ස්තූති කිරීම මෙහි මූලික අරමුණයි. Twitter