සූර්යාට කෘතගුණ සළකන තෛපොංගල් දිනය අදයි (වීඩියෝ)

ජන 14, 2021
  • ලොව පුරා දෙමළ ජනතාව අද තෛපොංගල් දිනය සම සමරනවා.

    මිනිසාගේ ජීවිතයට පදනම සපයන කෘෂිකාර්මික කටයුතු සඳහා සූර්යා විසින් ඉටු කරනු ලබන මෙහෙය සිහිපත් කරමින් ඊට කෘතගුණ දැක්වීම මෙම උත්සවයේ අරමුණයි.

    මේ උත්සවයේ දී හින්දු කොවිල්වල විශේෂ පුද පූජා පවත්වා අනතුරුව සූර්ය දෙවියන් උදෙසා පූජා පවත්වනු ලබනවා. තෛපෝංගල් දිනයේ දී දෙමළ ජනතාවගේ කෘෂිකාර්මික කටයුතු සිදු කෙරුණු කුඔුරුවල පොංගල් සාදා එය පළමු කොට සූර්යයා වෙනුවෙන් පූජා කිරීම සිදු කෙරෙනවා. තම අස්වැන්න සාර්ථක කර ගැනීමට උපකාර කළ සූර්යයා වෙනුවෙන් කෘතගුණ දැක්වීමේ අරමුණින් මෙලෙස පළමු අස්වැන්න සූර්ය දෙවියන් සඳහා පූජා කිරීම් විශේෂත්වයක්.

    නිවෙස් ඉදිරිපිට කිරි උතුරුවා, කිරිබත් සාදා එය ද සූර්ය දෙවියන් වෙනුවෙන් පූජා කෙරෙනවා. අලුත් ඇඳුමින් සැරසී කෝවිල් වෙත ගොස් පූජාවලට සහභාගි වීමෙන් අනතුරුව සිය නෑ හිත මිතුරන් වෙනුවෙන් නිවෙසේ භෝජන සංග්‍රහ පැවැත්වීම දෙමළ ජනතාවගේ සුවිශේෂී චාරිත්‍ර අතරට අයත්.

    Last modified on සිකුරාදා, 15 ජනවාරි 2021 04:35

    Latest News