හුදෙකලා ප්‍රදේශ හැර හෙට සිට ඇරඹෙන පාසල් (වීඩියෝ)

ජන 10, 2021
  • බස්නාහිර පළාතේ සහ හුදෙකලා කරන ලද ප්‍රදේශ හැර අනිකුත් සියලු ප්‍රදේශවල පාසල්වල 2 සිට 13 ශ්‍රේණිය දක්වා පන්ති හෙට ආරම්භ කෙරෙනවා.

    සෞඛ්‍ය බලධාරින්ගේ මගපෙන්වීම හා පූර්ණ අධීක්ෂණය යටතේ පාසල් ආරම්භ කරන ලෙසයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා දැනුම් දී ඇත්තේ. හුදකලා කෙරුණු ප්‍රදේශවල පිහිටි පාසල් හැර බස්නාහිර පළාතේ සෙසු පාසල් 11 ශ්‍රේණිය සඳහා පමණක් ලබන 25 වැනි දින විවෘත කිරීමට නියමිතයි. මේ අතර හෙට ආරම්භ කෙරෙන පාසල් පවිත්‍ර කිරීම සිදු කෙරෙනවා. පාසල් පරිශ්‍ර සහ පන්ති කාමර විෂබීජහරණය සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි ක්‍රියාත්මකයි. දෙමාපියන් සහ සෞඛ්‍ය බලධාරීන් ඊට එක්ව සිටිනවා.

    Last modified on ඉරිදා, 10 ජනවාරි 2021 18:53

    Latest News