ප්‍රථම මත්ස්‍ය තොගය අපනයනය යුක්‍රේනයට (වීඩියෝ)

ජන 09, 2021
  • මත්තල ගුවන් තොටුපොළේ සිට ප්‍රථම මත්ස්‍ය තොගය අපනයනය ඊයේ සිදු කෙරිණ. එම මත්ස්‍ය තොගය යවනු ලැබුවේ යුක්‍රේනය වෙතයි.

    යුක්‍රේනයට ශ්‍රී ලංකාවෙන් කුඩා මසුන් විශාල වශයෙන් අපනයනය කෙරේ. ඊයේ දිනයේ මත්ස්‍ය කිලෝ 800කට ආසන්න ප්‍රමාණයක් අපනයනය කෙරිණ.

    ඉස්සන්,දැල්ලන් ඇතුළු කුඩා ප්‍රමාණයේ මත්ස්‍ය වර්ග ඊට අයත්.

    මෙම මත්ස්‍ය තොග බහුල වශයෙන් සපයනු ලබන්නේ, මීගමුව, කටුනේරිය ප්‍රදේශයෙන්.

    Last modified on ඉරිදා, 10 ජනවාරි 2021 05:36

    Latest News