සුවය ලැබූ ගණන 39,022 දක්වා ඉහළට

ජන 07, 2021

    ගතවූ පැය 24 තුළ මෙරටින් 'කොවිඩ්-19' වෛරසය ආසාදනය වූ සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 46,247ක් වන අතර ඉන් පුද්ගලයින් 39,022ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් තිබේ.

    අද උදෑසන වන විට රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 7,006 දෙනෙක් තවදුරටත් ප්‍රතිකාර ලබයි.

    අද උදෑසන වන විට රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 761ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

    ඊයේ දිනය තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් ඇති අතර එම පුද්ගලයින් දෙහිවල සහ අලව්ව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ.

    ඒ අනුව, අද (07) දින උදෑසන වනවිට මෙරටින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 219ක් දක්වා ඉහළ ගොස් ඇත.

    Latest News