පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනි තනතුරට අයදුම්පත් කැඳවයි

ජන 04, 2021

    පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී තනතුරට අදාළ පාඨමාලාවේ පුහුණුවට බදවා ගැනීම් සදහා අයදුම්පත් කැදවා තිබේ.

    පුහුණු පාඨමාලාව සදහා අන්තර්ජාලය ඔස්සේ අයදුම්පත් යොමු කළ හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

    2015, 2016 හෝ 2017 වර්ෂවලින් එකකදී අපොස උසස් පෙළ විභාගයේ ඕනෑම විෂය ධාරාවකින් සමත් සිසුවියන්ට ඒ සදහා අයදුම් කළ හැකියි.

    වැඩිදුර තොරතුරු මේ මස අටවනදා පළවන රජයේ ගැසට් පත්‍රයේ සහ www.health.gov. වෙබ් අඩවියන් ලබා ගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

    Latest News