සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 35,328 දක්වා ඉහළට

ජන 01, 2021

    මෙරට තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 43,298 ක් වන අතර ඉන් පුද්ගලයින් 35,328 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    අද (01) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 7,766 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

    අද (01) දින උදෑසන 6.00 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 706ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

    ගතවූ පැය 24 තුල කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 05 දෙනෙක් මියගොස් ඇති අතර එම පුද්ගලයින් දර්ගා නගරය, ගලේවෙල, පැල්මඩුල්ල, කොළඹ 05 සහ හෝමාගම යන ප්රතදේශයන්හි පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ.

    ඒ අනුව, අද (01) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 204 ක් දක්වා ඉහළ ගොස් ඇත.

    Latest News