නිරෝධායන නීති කැඩූ 28 දෙනෙක් අත්අඩංගුවට

දෙසැ 30, 2020

    මුව ආවරණ නොපැළඳීම හා පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා නොකිරීම ඇතුළුව නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අද උදෑසන 6.00න් අවසන් ගතවූ පැය 24 දී පුද්ගලයින් 28 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ අනූව ඉකුත් ඔක්තෝම්බර් මස 30 වැනිදා සිට මේ දක්වා කාලය තුලදී නිරෝධායන රෙගුලාසි කඩකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 1957 ක්.

    නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් මෙහෙයුම් කි‍්‍රයාත්මක බවයි, පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

    Latest News