ඇන්ටිජන් පරීක්ෂාවෙන් - බස්නාහිරෙන් පිටව යන ආසාදිතයින් 61ක්

දෙසැ 29, 2020

    බස්නාහිර පළාතෙන් පුද්ගලයින් පිටව යෑමේ දී සිදුකෙරුණු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් 61 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

    ඔවුන්ගේ සමීපතමයින් 315 දෙනෙක් පමණ නිරෝධායනය ක්‍රියාවලියට යොමුකර ඇති අතර ආසාදිතයින් සියලු දෙනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ඇතුළු කළ බව ද වැඩිදුරටත් කියා සිටියේය.

    දෙසැම්බර් මස 18 වැනිදා දින සිට අද (29) උදෑසන 6.00 දක්වා සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 10,000කට ආසන්න සංඛ්‍යාවක් අතරින් එම පිරිස හඳුනාගත් බවයි,පොලිස් මාධ්‍ය ප්‍රකාශක,නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසා සිටියේ.

    ඊයේ (28) දිනයේ දී පමණක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 1,359 සිදුකර ඇති අතර, ඉන් ආසාදිතයින් 7 දෙනෙක් හඳුනා ගෙන තිබේ.

    ජනවාරි මස 5 වැනි දින තෙක් කොළඹින් පිටව යන පුද්ගලයින් සඳහා ස්ථාන 11ක දී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදුකිරීමට නියමිතව තිබේ.

    Last modified on අඟහරුවාදා, 29 දෙසැම්බර් 2020 13:42

    Latest News