උඳුවප් පුර පසළොස්වක පොහොය අදයි (වීඩියෝ)

දෙසැ 29, 2020
  • ශාසනයේත් ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක්ට මුල් වූ උඳුවප් පුර පසළොස්වක පොහොය අදයි.

    ඒ වෙනුවෙන් දිවයින පුරා විහාර විහාරස්ථානවල විවිධ ආගමික වැඩ වැඩසටහන් සංවිධාන කර තිබුනා. සංඝමිත්තා මහ රහත් තෙරණියන් ඇතුලු මෙහෙණින් වහන්සේ එකලොස් නමක් වන දූත පිරිස ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රැගෙන දිවයිනට වැඩම කළේ අද වැනි දිනකයි. ඒ සමග ශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනය ආරම්භ කෙරුණා. මෙරට කාන්තාවන්ට එතෙක් නොතිබූ ජාතික හා ආගමික නිදහස හිමි වූයේ ද ඒ සමගයි.

    දෙවන පෑතිස් රජුගේ ඉල්ලීමකට අනුව ධර්මාශෝක අධිරාජයාගේ අනුග්‍රහය ඇතිව සිදු කෙරුණු එම ලංකා ගමනය මෙරට ආගමික හා සමාජ වෙනස්කම් රැසකට හේතුවුණා.

    Latest News