පූජ්‍ය අලුත්නුවර සුමනතිස්ස නාහිමි අනුරුව විවෘත කිරීම ජනපති සහභාගීත්වයෙන්

දෙසැ 24, 2020

    කෝට්ටේ, මාදිවෙල ඊයම්පෝරුව ගංගාතිලක විහාරයේ ඉදිකෙරුණු, අපවත් වී වදාළ පූජ්‍ය අලුත්නුවර සුමනතිස්ස නාහිමි අනුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ඊයේ  (23) පස්වරුවේ නිරාවරණය කෙරිණ.

    පන්නිපිටිය නැගෙනහිර ඇරැව්වල සිරි විජයසිරිවර්ධනාරාමය, කෝට්ටේ මාදිවෙල ඊයම්පෝරුව ගංගාතිලක විහාරය සහ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි ලංකාරාමය යන විහාරස්ථානවල විහාරාධිපති ධූරය සහ උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක ධූරය හෙබවූ පූජ්‍ය අලුත්නුවර සුමනතිස්ස හිමියෝ 2019 වසරේ මැයි මස දෙවැනි දින අපවත් වූහ.

    උන්වහන්සේ දෙස් විදෙස්හි බුදු දහම ප්‍රචාරය සඳහා මහඟු සේවයක් කළහ.

    සුමනතිස්ස හිමියන්ගේ මෙහෙවර සිහිකරනු වස් පැවති කෙටි උත්සවයට ද ජනාධිපතිතුමා එක් විය.

    විහාරාධිපති පූජ්‍ය අළුත්නුවර චන්දිම, ජපානය ඇතුළු අග්නිදිග ආසියාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පැල්පොල විපස්සි හිමිවරු අනුශාසනා  කළහ.

    මහා සංඝරත්නය, අමාත්‍ය සරත් වීරසේකර, ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හි ලංකාරාම විහාරයේ දායක සභාවේ සාමාජිකයෝ සහ විහාරස්ථානවල දායක සභා සාමාජිකයෝ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News