උතුරේ ‍බිම්බෝම්බ ඉවත් කිරීමට ජපානයෙන් රු.මිලියන 115ක්

දෙසැ 24, 2020

    උතුරු පළාතේ බිම්බෝම්බ ඉවත් කිරීමේ මානුෂීය මෙහෙයුමට ජපාන රජය විසින් රුපියල් මිලියන 115ක ආධාර මුදලක් ලබා දී තිබේ.

    ආධාර ගිවිසුමට අත්සන් තැබීම, කොළඹ පිහිටි ජපන් තානාපති කාර්යාලයේදී, ඊයේ පැවැත්වුණේ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියම අකිරා මහතාගේ ප්‍රධානත්වයෙන්.

    ඔහු සමග මයින්ස් ඇඩිවයිසරි ගෘප් හෙවත් මැක් සංවිධානයේ අධ්‍යක්ෂ එම්ලි මෙබෝ මහත්මිය ඊට අත්සන් තැබීය. ව්‍යාපෘතියෙන්, මන්නාරම හා වවුනියාව දිස්ත්‍රික්කවල 8,000කට අධික අවතැන් වූ ජනතාව යළි පදිංචි වී සිටින ප්‍රදේශවල ස්ථාන කිහිපයක බිම්බෝම්බ ඉවත් කෙරුණු ඇති.

    එම සංවිධානයෙන් බිම් මට්ටමේ මානව ආරක්ෂාව සඳහා පියවර ගණනාවක් ගෙන තිබේ. ජපානය 2002 වර්ෂයේ සිට මෙරටට බිම්බෝම්බ ඉවත් කිරීමේ ව්‍යාපෘතියට සහය දක්වයි.

    ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 39ක් පමණ මෙරටට ලබාදීමට ජපානය පියවර ගෙන තිබේ.

    Latest News