රන් භාණ්ඩ සොරාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

දෙසැ 23, 2020

    නිවෙස්වලට ඇතුළුවී රන් ආභරණ සොරා ගැනීමේ නිරතව සිටි එකම පවුලේ දෙදෙනෙක් අත්අඩංගුවට ‍ගැනීමට වෙන්නප්පුව පොලීසිය සමත්ව තිබේ.

    ඒ රුපියල් ලක්ෂ 50කට අධික රන් භාණ්ඩ ද සමගයි. වෙන්නප්පුව,උල්හිටියාව ප්‍රදේශයේ නිවසකට සූක්ෂම ලෙස ඇතුළුවී රන් ආභරණ සොරා ගන්නා අවස්ථාවේ ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරුවන් අවුරුදු 19 - 22ත් අතර පසුවන්නන් බවයි,පොලීසිය පවසන්නේ.

    සොරාගත් රන් භාණ්ඩ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ මධ්‍යස්ථානයකට උකස් කර තිබේ. සැකකරුවන් හෙරොයින් භාවිතයට ඇබ්බැහිවූවන් බව පොලීසිය ප්‍රකාශ කළේය.

    Latest News