බස්නාහිරින් පිටවන ස්ථාන 11ක රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ

දෙසැ 23, 2020

    බස්නාහිර පළාතෙන් පිටවල සියලුම මාර්ග ආවරණය වන පරිදි අද (23) සිට ස්ථාන 11ක අහඹු රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ සිදුකරන බව පොලිසිය ප‍්‍රකාශ කළේය.

    ලබන පස්වනදා දක්වා එය කි‍්‍රයාත්මක වීමටයි නියමිතයි. මේ දක්වා සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණවලින් කොවිඩ් ආසාදිතයන් 17 දෙනෙකු හදුනාගැනිණ.

    අධිවේගී මාර්ග, බස් හා දුම්රිය ආවරණය වන පරිදි මෙම පරික්ෂණ සිදුකරෙන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.

    Latest News