රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණය කළ පමණින් කොවිඩ් ආසාධනයවී නැතැයි තහවුරු කළ නොහැකියි

දෙසැ 19, 2020

    සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් ඊයේ (18) මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ ඉක්මන් ප්‍රතිලාාභ ලබා ගැනීම සඳහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන බවය.

    රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් කිරීමෙන් කොවිඩ් ආසාදනය නොවන බවට සියයට සියයක් සහතික විය නොහැ බවත්.

    එම මොහොතේ ශරිරයේ ඇති තත්වය කුමක්දැයි බැලීම මෙමගින් සිදු කර හැකි බවද ඔහු සඳහන් කළේය.

    ඊයේ (18) සිට බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින් සඳහා අහඹු ලෙස තෝරාගත් පිරිසට රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ සිදු කළේය.

    මිනිත්තු 20 ක් ඇතුළත මෙහි ප්‍රතිපලය ලබා ගත හැහැකි නමුත් ඒ් පිළිබඳව සැකයක් පවති නම් PCR පරීක්ෂණයක් සිදු කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

    උත්සව සමයේදී බස්නාහිර පළාතෙන් පිටතට යාම සීමා කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

    Latest News