බස්නාහිරෙන් පිටවන අයට රැපිඩ් පරීක්ෂණ තවදුරටත්

ජන 28, 2021

    බස්නාහිර පළාතෙන් පිටවන සියලුම වාහනවල ගමන් කරන පුද්ගලයන් පී සී ආර් පරීක්ෂණවලට හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට ලක්කිරීම අද සිට පෙබරවාරි පළමු වැනිදා දක්වා තවදුරටත් ක්‍රියාත්මක බව,පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කරයි.

    බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11 කදී එම පරීක්‍ෂණ සිදු කෙරේ.

    එමෙන්ම අද දිනයේ දී දිවයින පුරා විශේෂ රථ වාහන මෙහෙයුමක් ද ක්‍රියාත්මක බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 28 ජනවාරි 2021 18:15

    Latest News