අතරමැදියන්ගෙන් තොරව අස්වනු ඍජුවම වෙළඳුන්ට (වීඩියෝ)

දෙසැ 22, 2020
  • අතරමැදියන්ගෙන් තොරව ගොවීන්ට සිය ඒළවළු අස්වනු සෘජුවම වෙළෙඳුන්ට ලබාදිය හැකි වැඩසටහන නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයෙන් අද ආරම්භ කෙරිණ.

    ඒ්, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයෙන් නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කෙරුණු මෙය සෑම ආර්ථික මධ්‍යස්ථානයකම ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා කියා සිටියේය. අතරමැදියන්ගෙන් තොරව ගොවියාට, පාරිභෝගිකයාට සහ වෙළෙඳුන්ට සාධාරණයක් ඉටුකිරීම වැඩපිළිවෙළේ අරමුණයි.

    Last modified on අඟහරුවාදා, 22 දෙසැම්බර් 2020 20:05

    Latest News