මෙරටට කොවිඩ්-19 ඒන්නත් ලබාගැනීමට UN පූර්ණ අනුග්‍රහය (වීඩියෝ)

දෙසැ 22, 2020
  • ශ්‍රී ලංකාවට කොවිඩ්-19 ඒන්නත් ලබාගැනීම සඳහා ඒක්සත් ජාතීන්ගේ සංවිධානය පූර්ණ අනුග්‍රහය පළකර තිබේ. 

    ඒන්නත් ප්‍රසම්පාදන, බෙදාහැරීම් හා ලබාදීමේ ක්‍රියාවලියට දායකවන බව ශ්‍රී ලංකාවේ ඒක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත හැනා සිංගර් මහත්මිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත අද (22) දැනුම් දී ඇත.

    ඒක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ අද විශේෂ සාකච්ජාවක් පැවැත්විය. ඒක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත හැනා සිංගර්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත වෛද්‍ය රාසියා පෙන්සේ හා යුනිසෙෆ් සංවිධානයේ නියෝජිත ටිම් සට්න් යන මහත්ම-මහත්මීන් නියෝජිත පිරිසට ඇතුලත් වූහ.

    ඒහිදී හැනා සිංගර් මහත්මිය අවධාරණය කළේ, මේ අභියෝගාත්මක සමයේදී ශ්‍රී ලංකාවට සහය දැක්වීමට ඒක්සත් ජාතීන්ගේ සංවිධානය කැපවී සිටින බවයි. කොවිඩ්-19 ඒන්නත ශ්‍රී ලංකාවට ලබාදුන් පසු ඒය මහා පරිමාණයෙන් ලබාදීමේ ක්‍රියාවලිය සඳහා වන සූදානම රජයේ මූලිකත්වයෙන් සිදුවිය යුතු බවට දෙපාර්ශ්වයම මෙහිදී ඒකඟ වූහ.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ, ලොව බොහෝ රටවල් දෙවැනි කොරෝනා රැල්ලට අනතුරුදායක ලෙස මුහුණ දී ඇති මේ වකවානුවේ ඉන් මිදීමේ ඒකම බලාපොරොත්තුව ඒන්නත් ක්‍රියාවලිය බවයි පසුගිය අප්‍රේල් මාසයේ දී ඒක්සත් ජාතීන්ගේ සංවිධානය “ඇක්ට්” යන කෙටි නමින් හැඳින්වෙන වැඩසටහනක් ආරම්භ කළේය.

    COVAX පහසුකම යටතේ කොවිඩ්-19 රෝග විනිශ්චය, චිකිත්සක සහ එන්නත් නිෂ්පාදනයට සමානව එන්නත් ලබාදීමේ ප්‍රවේශය වේගවත් කිරීම සඳහා ඊට සුදුසුකම්ලත් රටක ජනගහනයෙන් අවම වශයෙන් 20% ක් සඳහා එන්නත් මාත්‍රාවක් ලබා දෙනු ඇත. මුලදී ඉහළ අවදානම් කණ්ඩායම් වලට එන්නත් ලබාදීම සිදු වේ.

    එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය සහ මහජනතාව ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ටිම් සූටන් මහතා මුල් අදියරේ එන්නත් ප්‍රසම්පාදනය සඳහා යුනිසෙෆ් ආයතනය දැනටමත් සහාය වෙමින් සිටින බවත්, නියමිත 20% ඉලක්කය ඉක්මවා එන්නත් ලබාදීම සඳහා රජයට සහාය විය හැකි බවත් අග්‍රාමාත්‍යවරයාට කියා සිටියේය.

    කොවිඩ්-19 එන්නත් සම්බන්ධයෙන් විස්තර කළ වෛද්‍ය පෙන්ඩ්සේ මහත්මිය, එන්නත ලබා ගත්තද ජනතාව  පූර්වාරක්ෂාකව සමාජගතව සිටිය යුතු බව අවධාරණය කළාය.

    “එය තවමත් නව එන්නතක්,” යැයි කී වෛද්‍ය පෙන්ඩ්සේ මහත්මිය “එය මිනිසුන් මිය යාමෙන් ආරක්ෂා කරයි, නමුත් එය පැතිරයාම කොතරම් දුරට අඩු කරන්නේදැයි නොදන්නා බව” කියා සිටියාය.

    මෙම විශේෂ හමුවේදී අවධාරණය වූ ප්‍රධාන පණිවිඩය නම් එන්නත ලැබීමෙන් පසුව වුවද මිනිසුන්ට මෙම වසංගතය සම්බන්ධයෙන් උදාසීන වී කටයුතු කළ නොහැකි බවයි.

    මේ සම්බන්ධ අධ්‍යයනයන් අඛණ්ඩව ක්‍රියාත්මක අතර එන්නත ඔස්සේ ලැබෙන ආරක්ෂාව කොපමණ කාලයක් වලංගුවනවාදැයි තවමත් නිශ්චිත නැති බව වෛද්‍යවරු පවසති. ඒ අනුව, එන්නත මඟින් වයිරසය ශරීරයෙන් මුළුමනින්ම ඉවත් කරයි ද නැතහොත් වයිරසයේ බලපෑම අඩුකරනවාද යන්න තවමත් අවිනිශ්චිතය.

    බලපෑම අඩුකිරීම පමණක් සිදුවේ නම් එන්නත ලබා ගත් පුද්ගලයෙකුගෙන් තවත් අයෙකුට ආසාදනය වීමේ හැකියාව පවතියි. එන්නත ලබා ගත් පසුවද මුව ආවරණයක් පැළඳීම, අත් සේදීම සහ ශරීරික දුරස්ථභාවය පවත්වා ගැනීමට මහජනයා දැඩිව සිහි තබාගත යුතුය.

    මෙම අවස්ථාව සඳහා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් මේජර් ජනරාල් එස්.එච්.මුණසිංහ, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශ ලේකම් අමල් හර්ෂ ද සිල්වා, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුලු මහත්ම මහත්මීන් පිරිසක් එක්ව සිටියහ.

    Last modified on අඟහරුවාදා, 22 දෙසැම්බර් 2020 20:00

    Latest News