ඊයේ දිනයේ ආසාදිතයින්ගේ අඩුවක්; අසාදිතයින් 370යි

දෙසැ 22, 2020

    ඊයේ (21) ශ්‍රී ලංකාවෙන්‌ කොවිඩ්‌ - 19 ආසාදිත පුද්ගලයින්‌ 370 දෙනෙකු හඳුනාගෙන ඇත.

    එම පුද්ගලයින්‌ අතරින්‌ 06 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින්‌ වන අතර ඉතිරි පුද්ගලයින්‌ 364 දෙනා දේශියව හඳුනාගත්‌ පුද්ගලයින්‌ ලෙස වාර්ථා වේ. හඳුනාගත්‌ ආසාදිතයින්‌ අතරින්‌ වැඩිම ආසාදිනයින්‌ පිරිසක්‌ කොළඹ දිස්ත්‍රික්කයෙන්‌ ආසාදිතයින්‌ 101 ක්‌ ලෙස වාර්ථා වේ. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන්‌ ආසාදිතයින්‌ 67 ක්‌ සහ කළුතර දිස්ත්‍රික්කයෙන්‌ ආසාදිතයින්‌ 46 ක්‌ ලෙස වාර්ථා වේ. අනෙක්‌ ආසාදිතයින්‌ 150 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින්‌ වාර්තා වේ.

    ඊයේ (21) දින වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්‌-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ පුද්ගලයින්‌ සංඛ්‍යාව 37,630 ක්‌ වන අතර ඉන්‌ පුද්ගලයින්‌ 28,681 ක්‌ පූර්ණ සුවය ලබා රෝහල්වලින්‌ බැහැරව ගොස්‌ ඇත. ඊයේ (21) දින වනවිට රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධාස්ථාන තුළ පුද්ගලයින්‌ 8,773 දෙනෙකු තවදුරටත්‌ ප්‍රතිකාර ලබයි.

    අද (22) උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින්‌ පුද්ගලයින්‌ 415 ක්‌ පූර්ණ සුවය ලබා පිටව ගොස්‌ ඇත.

    Latest News