ඇලලන්ද රක්ෂිතයේ මිල්ල දැව ජාවාරමක් STF මෙහෙයුමකින් මාට්ටු

දෙසැ 17, 2020

    ලුණුගල පොලිස් බල ප්‍රදේශයේ ඇලලන්ද රක්ෂිතයේ මහා පරිමානයෙන් සිදු කරගෙන ගිය මිල්ල දැව ජාවාරමක් පිළිබඳ අනාවරණය වේ.

    බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර තිබේ.

    STF_timber.jpg

     

    ලද තොරතුරු අනුව මෙම වැටලීම සිදු කර ඇති අතර වැටලීම සිදු කරන අවස්ථාවේ දී සැකකරුවන් පලාගොස් ඇති බව පොලිසිය පැවසීය.

    පසුව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් එම රක්ෂිතයේ සිදු කළ හොදිසියකදි රුපියල් ලක්ෂ ගනනක වටිනාකමකින් යුත් දැව තොගයක් සහ ඉරන ලද දැව කුට්ටි තොගයක් ද එම නිලධාරීන් භාරයට ගෙන තිබේ.

    දැව තොගයේ වටිනාකමක මෙතෙක් තක්සේරු කර නොමැති අතර දැව තොගය ලුණුගල බීට්ටු වන කාර්යාලය වෙත භාර දී ඇත. පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන ක්‍රියාත්මකයි.

    Latest News