ඊයේ (16) තවත් කොවිඩ් මරණ 3ක්

දෙසැ 17, 2020

    ඊයේ (16) රාත්‍රී තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

    ඒ අනුව, ඊයේ දින කොවිඩ් මරණ 6ක් වාර්තා වූ අතර මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 160ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි කාන්තාවක්, කොළඹ 09 ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි කාන්තාවකි.

    539.jpg

     

    Latest News