ශ්‍රේෂ්ඨාධිකරණයේ ගින්න ගැන පොලිසියෙන් අධිකරණයට කරුණු

දෙසැ 16, 2020

    ඊයේ කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ ඇති වූ ගිනි ගැනීමේ සිද්ධිය පිළිබඳව සිදුකරන විමර්ශනවලට අදාලව කෙසෙල්වත්ත පොලිසිය විසින් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කළා.

    කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරීන් විසින් අද දහවල් වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනට සිදුකර තිබෙන මූලික පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන කරුණු සාරාංශයක් ද මෙම වාර්තා මගින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

    මෙම සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බවද කෙසෙල්වත්ත පොලිසිය විසින් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

    Latest News