අතුරුදන් PT-6 යානය කඩා වැටේ (වීඩියෝ)

දෙසැ 15, 2020
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමුවන් පුහුණු කිරීමට යොදා ගන්නා PT-6 වර්ගයේ ගුවන් යානය කන්තලේ, සූරියපුර ප්‍රදේශයට කඩා වැටී ඇතැයි ගුවන් හමුදාව පවසයි.

    මෙම අනතුරින් අදාළ ගුවන් යානයේ සිටි ගුවන් නියමුවා ජීවිතක්ෂයට පත්ව ඇත.

    PT-6 වර්ගයේ ගුවන් යානය ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරේ සිට ගුවන්ගත වී ඇති අතර ඉන්පසු මද වේලාවකට පසු එම ගුවන් යානය සහ ගුවන් ගමන් පාලක මැදිරිය අතර පැවති සියලු සබඳතා හදිසියේ බිඳවැටී තිබේ.

    Last modified on අඟහරුවාදා, 15 දෙසැම්බර් 2020 20:22

    Latest News