හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙක් අත්අඩංගුවට

දෙසැ 15, 2020

    යහපාලන ආණ්ඩුව සමයේ ලංකා සතොස ආයතනයේ වාහන අවභාවත කිරීමේ චෝදනාව මත මෙන්ම හිටපු නියෝජ්‍ය ඇමති, අබ්දුල්ලා මොහොමඩ් මහරුෆ් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ත්‍රීකුණාමල දිස්ත්‍රික්කය නියෝජන කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව ඊයේ (14) රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන ඇත.

    එම චෝදනාව සම්බන්ධයෙන් මාතලේ පදිංචි මොහොමඩ් අස්ලාම් නැමැති පුද්ගලයා ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

    මේ අතර, අබ්දුල්ලා මොහොමඩ් මහරුෆ් මහතා හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ දේශපාලන පක්ෂයේ සාමාජිකයෙකු බවද වාර්තා වේ.

    Latest News