ඇඟලුම්‌ කම්හල් සහ මත්ස්‍ය වෙළඳපල පොකුරේ 20,901කට සුවයි

දෙසැ 15, 2020

    අද (15) වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම්‌ කම්හලට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන්‌ වාර්තා වූ කොවිඩ්‌ - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින්‌ සංඛ්‍යාව 29,833 ක්‌ වේ.

    ඉන්‌ පුද්ගලයින්‌ 20,901 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින්‌ බැහැරව ගොස්‌ ඇත.

    මිනුවන්ගොඩ ඇඟලුම්‌ කම්හල්‌ පොකුර - 3,059 පෑලියගොඩ මාළු වෙළඳපලේ පොකුර - 26,774

    ඊයේ (14) දින වනවිට, ශ්‍රී ලංකාව තුළ කොචිඩ්‌-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ පුද්ගලයින්‌ සංඛ්‍යාව 33,477 ක්‌ වන අතර ඉන්‌ පුද්ගලයින්‌ 24,308 ක්‌ පූර්ණ සුවය ලබා රෝහල්වලින්‌ බැහැරව ගොස්‌ ඇත. ඊයේ (14) දින වනවිට රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධාස්ථාන තුළ පුද්ගලයින්‌ 9,015 දෙනෙකු තවදුරටත්‌ ප්‍රතිකාර ලබයි.

    අද (15) උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධාස්ථාන තුළින්‌ පුද්ගලයින්‌ 516 ක්‌ පූර්ණ සුවය ලබා පිටව ගොස්‌ ඇත.

    Latest News