මෙරට කොවිඩ්වලින් පූර්ණ සුවය ලැබූ පිරිස 90% ඉක්මවයි

පෙබ 02, 2021

    කොවිඩ්19 රෝගයෙන් මෙරට පූර්ණ සුවය ලැබූ පිරිස 59043ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    එම ප්‍රතිශතය 90.36%ක්. 9.15% තවදුරටත් ප්‍රතිකාර ලබනවා. ඉන් පූර්ණ සුවය ලබා ඉකුත් සතිය තුල 7997 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. සුවය ලබා දිනකදී රෝහල්වලින් පිටව ගිය වැඩිම පිරිස වාර්තා වූයේ ඉකුත් 28 වැනිදායි. එම සංඛ්‍යාව 1869ක්. අද(02) පිටව ගිය පිරිසට 968 දෙනෙකු ඇතුළත්.

    කොවිඩ්19 රෝගය වැළඳුණු 361 දෙනෙකු අද හඳුනාගැනුනා. ඔවුන් පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වූ රෝගීන්. PCR පරීක්ෂණ 13392 ක් ඊයේ සිදු කෙරුණා. මෙරට මෙතෙක් සිදුකර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 1737 419ක්.

    Latest News