මෙරට කොවිඩ්19 වැළඳුනු 46,593 කට සුවයි

ජන 20, 2021

    අද (20) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 50,539 වේ.

    ඉන් පුද්ගලයින් 44,496 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් පොකුර - 3,059 (පූර්ණ සුවය ලබා ඇත) කොළඹ මත්ස්‍ය වෙළඳපලේ පොකුර - 41,437

    ඒ අනුව ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 54,418 ක් වන අතර ඉන් පුද්ගලයින් 46,593 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. අද (20) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 7,552 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

    අද (20) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 774 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

    Last modified on බදාදා, 20 ජනවාරි 2021 14:27

    Latest News