ශ්‍රී ලංකාවේ කොවිඩ්19 සුවය ලැබූ පිරිස 51046 දක්වා ඉහළට (වීඩියෝ)

ජන 26, 2021
  • ශ්‍රී ලංකාවේ කොවිඩ්19 රෝගීන්ගෙන් පූර්ණ සුවය ලැබූ පිරිස් 51046 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    එම ප්‍රතිශතය 85.74% ක් 13.78% ක පිරිසක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින අතර 8203 දෙනකු ඊට අයත්. පූර්ණ සුවය ලබා මේ මස ආරම්භයේ සිට අද දක්වා රෝහලින් පිටව ගිය පිරිස 15753ක් සුවය ලැබූ 709 දෙනෙකු අද පිටව ගොස් තිබෙනවා. කොවිඩ්19 රෝගය වැළඳුණු තවත් 369 දෙනෙකු මෙරටින් අද හඳුනා ගැනුනා. ඔවුන් සියලු දෙනාම පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වූ රෝගීන්ගේ සමීපතමයින්.

    Last modified on අඟහරුවාදා, 26 ජනවාරි 2021 22:13

    Latest News