නිරෝධායන නීති කැඩුවොත් වසර 03ක සිර දඬුවම්

දෙසැ 13, 2020

    ගෘහස්ථ නිරෝධායනට ලක් කර ඇති පුද්ගලයන් නිරෝධායන නීතීන්ට පටහැණිව ක්‍රියා කළ හොත් ඔවුන්ට එරෙහිව අධිකරණයේ නඩු පවරා වසර තුනක සිර දඬුවමකට හා දඩයක් නියම කිරීමේ හැකියාව පවතින බව,පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    උත්සව සමයේ දී නිරෝධායන රීතිවලට අනුගතව කටයුතු කරන ලෙසත් ගෘහස්ත නිරෝධායනයට ලක් කළ විට නිරන්තරයෙන් එම නිරෝධායන රීතීන්ට අනුව කටයුතු කළ යුතු අතර නිවෙසින් බැහැරව යෑමත්, එම නිවෙසට පිටස්තර පුද්ගලයන් පැමිණීමත් සම්පූර්ණයෙන් තහනම් බවත් ඔහු ප්‍රකාශ කරයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ ඉකුත් ඔක්තෝබර් මස 30 වැනිදා සිට මේ දක්වා කාලය තුළ නීරෝධායන රීති උල්ලංඝණය කල පුද්ගලයන් 1289 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

    Latest News