සුවය ලැබූ සංඛ්‍යාව 20,831ක් දක්වා ඉහළට

දෙසැ 12, 2020

    කොවිඩ්-19 රෝගය වැළඳී පූර්ණ සුවය ලැබූ පිරිස 20,831ක් දක්වා ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ රෝගය වැළඳී පූර්ණ සුවය ලැබූ පිරිසේ ප්‍රතිශතය 72.77ක්. සියයට 26.76කට අදාළ පිරිසක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටියි.

    මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිත රෝගීන්ගේ සංඛ්‍යාව 27,743ක්. රෝගය වැළඳුනු එම පිරිසෙන් 19,423 දෙනෙක් සුවය ලබා සිටියි. තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින්නේ, 8320ක් පමණයි.

    පෙළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටුවා ඇති කොවිඩ්-19 විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටි තවත් 66 දෙනෙක් සුවය ලබා පිටව ගියේය. ඔවුන් කොළඹ, ගම්පහ, නුවර, කුරුණෑගල, අනුරාධපුර යන දිස්ත්‍රික්කවල පදිංචිකරුවන්.

    මෙරටින් කොවිඩ්-19 රෝගය වැළඳුනු තවත් 762 දෙනෙක් ඊයේ හඳුනාගනු ලැබීය. ඉන් 687 දෙනෙක්, පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වූ රෝගීන්ගේ සමීපතමයින්. සෙසු 75 දෙනා බන්ධනාගාර කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වූ රෝගීන්. පූර්ණ සුවය ලබා ඊයේ රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 570ක්.

    Latest News