ගාල්ල ප්‍රදේශ 7කට සංචාරණ සීමා

දෙසැ 12, 2020

    කොවිඩ් -19 ආසාදිතයින් 25 දෙනෙකු හඳුනාගැනීමත් සමග ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 7කට සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය අංශ පියවර ඇත.

    ඒ අනූව මිලිද්දූව, කෝන්ගහ, තලාපිටිය, දංගෙදර නැගෙනහිර, දෙද්දුගොඩ උතුර, දෙද්දුගොඩ දකුණ සහ මකුළුව යන ග්‍රාම නිලධාරී වසම්වලට සංචරණ සීමා පනවා තිබේ.

    මෙම ප්‍රදේශවල පදිංචි කිසිදු පුද්ගලයෙක්ට නැවත දැනුම්දෙන තුරු අත්‍යාවශ්‍ය නොවන හේතුවකට නිවසින් පිටතට යා නොහැකියි.

    ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් සියලු පාසල් තවත් සතියක් වසා දැමීමට තිරණය කර තිබේ.

    දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් යාපා මහතා සඳහන් කළේ, ඒ අනුව ලබන 18 වැනිදා දක්වා ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියලු පාසල් වසා තැබෙන බවයි.

    Latest News