'කොව්ඩ්-19' මෘතදේහ භූමියදානයට ඇති හැකියාව සොයාබැලීමට අගමැති ප්‍රධානත්වයෙන් හමුවක් (වීඩියෝ)

දෙසැ 11, 2020
  • කොව්ඩ-19 වෛරසයෙන් මියයන පුද්ගලයන්ගේ මෘත දේහ භූමදානය කළ හැකි දැයි සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා සෞඛ්‍ය ප්‍රධානීන් අතර විශේෂ සාකච්ජාවක් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ඊයේ (10) පැවැත්විණ.

    කොවිඩ්-19 වෛරසයෙන් මියයන පුද්ගලයන්ගේ දේහයන් භූම දානය කිරීම සඳහා සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනූව භූගත ජල මට්ටම ඉතා ගැඹුරු වියළි භූමියක් තෝරා ගන්න යැයි, අග්‍රාමාත්‍යතුමා මෙහිදී උපදෙස් දුන්නේය.

    දැනට මෙම වෛරසයෙන් මියයන පුද්ගලයෙක්ගේ දේහය තුළ වෛරසය දින 36ක් පමණ පවතින බව සෞඛ්‍ය බලධාරීන් මෙහිදී අග්‍රාමාත්‍යතුමා දැනුවත් කළේය.

    සෞඛ්‍යයට බලපාන කරුණු අරඹයා ජාතීන් හා ආගම් වශයෙන් තීන්දු තීරණ ගැනීමට නොහැකි බව පෙන්වාදුන් අග්‍රාමාත්‍යතුමා,සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට සියලු ජනවර්ගවල ජනතාවගේ සහයෝගය අවශ්‍ය බව සඳහන් කළේය.

    ඒ සඳහා සහය ලබා දෙන්නැයි,අග්‍රාමාත්‍යතුමා මෙම හමුවට පැමිණ සිටි මුස්ලිම් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

    මෙම අවස්ථාවට අමාත්‍යවරුන්වන අලි සබ්රි, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, වාසුදේව නානායක්කාර යන මහත්ම මහත්මීන් ඇතුළු කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්.මුණසිංහ මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

    Last modified on සිකුරාදා, 11 දෙසැම්බර් 2020 23:13

    Latest News