මිනුවන්ගොඩ - පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින් 26,512ක්

දෙසැ 10, 2020

    අද වන විට මිනුවන්ගොඩ - පෑලියගොඩ කොවිඩ් පොකුර ආසාදිතයින් 26,512ක් ලෙස වාර්තා වන අතර, ඉන් ආසාදිතයින් 18,392ක් පූර්ණ සුවය ලබා ඇත.

    මෙරට සමස්ත ආසාදිතයින් ගණන 30,074ක් වන අතර එයින් පුද්ගලයින් 21,‍799ක් පූර්ණ සුවය ලබා තිබේ.

    මේ අතර රෝහල්ගත රෝගීන් ගණන 8,131ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

    එමෙන්ම පසුගිය පැය 24 තුළ කොවිඩ් 19 ආසාදිතව සිට 542ක් සුවය ලබා පිටව ගොස් ඇත.

    ඊයේ දිනය තුළ මෙරට පීසීආර් පරීක්ෂණ 14,336ක් සිදුකර තිබේ.

    Latest News