ඊයේ මෙරටින් කොවිඩ්19 රෝගීන් 697ක්

දෙසැ 10, 2020

    ඊයේ (09) දිනය තුළ මෙරටින් ආසාදිතයින් 697ක් හඳුනාගනු ලැබීය. එයින් ආසාදිතයින් තිදෙනෙක් විදෙස්ගතව සිට මෙරටට පැමිණි ලාංකීකයින් වේ.

    ආසාදිතයින් 357ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 219ක් හා මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 38ක් ද හඳුනා ගෙන තිබේ.

    කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් ගණනක් මට්ටක්කුලියෙන් වාර්තා වී තිබේ. ඒ 128කි. මේ අතර බොරැල්ලෙන් 110ක් හා කොල්ලුපිටියෙන් ආසාදිතයින් 25ක් වාර්තා වී තිබේ.

    ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩිම ආසාදිතයින් පිරිසක් මහරින් වාර්තා වී ඇත. මාබෝල ප්‍රදේශයෙන් 47ක්, කටුනායක 54ක් හා වේයන්ගොඩින් ආසාදිතයින් 17ක් ද වාර්තා වු බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    Latest News