මෙරට දෙවන කොවිඩ් රැල්ලේ 65,590කට සුවයි

පෙබ 13, 2021

    අද (13) වනවිට, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 70,535 ක් වේ.

    ඉන් පුද්ගලයින් 65,590 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    කොළඹ මත්ස්‍ය වෙළඳපලේ පොකුර - 67,476

    ඒ අනුව අද වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 74,055 ක් වන අතර ඉන් පුද්ගලයින් 66,983 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    එමෙන්ම අද (13) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 6,688 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි. පසුගිය පැය 24 තුළ රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 773 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

    අද (13) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 92 ක් තුළ පුද්ගලයින් 9,030 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

    ඊයේ (12) දිනය තුල PCR පරික්‍ෂණ 15,543 ක් සිදුකර ඇත.

    Last modified on සෙනසුරාදා, 13 පෙබරවාරි 2021 07:42

    Latest News