මෙරට දෙවන කොවිඩ් රැල්ලේ 93%කට සුවයි

පෙබ 14, 2021

    අද (14) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 71,331 ක් වේ.

    ඉන් පුද්ගලයින් 66,437 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    කොළඹ මත්ස්‍ය වෙළඳපලේ පොකුර - 68,272

    ඒ අනුව අද (14) උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 74,851 ක් වන අතර ඉන් පුද්ගලයින් 67,830 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. එමෙන්ම මේ වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 6,631 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

    තවද පසුගිය පැය 24 තුළ රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 847 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

    අද (14) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 93 ක් තුළ පුද්ගලයින් 9,074 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

    ඊයේ (13) දිනය තුල PCR පරික්‍ෂණ 16,387 ක් සිදුකර ඇත.

    Latest News