පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ විවෘත කිරීම කඩිනම් කිරීමට උපදෙස් (වීඩියෝ)

දෙසැ 09, 2020
  • සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාත්මක කරමින් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ විවෘත කිරීම සඳහා කඩිනමින් පියවර ගන්නා‍ ලෙස උපදෙස් ලබා දී තිබේ.

    ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක පලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා මෙසේ සඳහන් කර ඇත්තේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවක දී.

    පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ පිටවීමේ දොරටු සහ මාර්ග පිළිසකර කිරීම කඩිනමින් අවසන් කිරීමට නියමිතයි. වෙළෙඳපොළ භූමියේ පක්ෂීන්ගෙන් සිදුවන අපවිත්‍රවීම් වැළැක්වීමට ක්‍රමවේද සකස් කළ යුතු බව ද, බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

    Last modified on බදාදා, 09 දෙසැම්බර් 2020 20:09

    Latest News