විශේෂ කුසලතා ඇති තරුණයන්ට ජපානයේ රැකියා

දෙසැ 01, 2020

    ශ්‍රී ලංකාව සහ ජපන් රජය අතර 2019 ජූනි මස 19 දින අත්සන් කරන ලද සහයෝගිතා ගිවිසුමට අනුව ක්ෂේත්‍ර 14ක විශේෂ නිපුනතා සහිත ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සඳහා නව රැකියා අවස්ථා සඳහා දොරටු විවෘත වී තිබේ.

    මෙම සහයෝගීතා ගිවිසුම ප්‍රකාරව දැනටමත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවිය ඔස්සේ (www.slbfe.lk) අයදුම්පත් කැඳවා තරුණ තරුණියන් විශාල පිරිසක් ජපානයේ රැකියා අපේක්ෂාවෙන් ලියාපදිංචි ලබා ඇත.

    මෙම විශේෂ කුසලතා සහිත රැකියා අවස්ථා සඳහා ජපන් භාෂා ප්‍රවීනතා විභාගය වන JLPT අදියර 4 (N4 level) සමත්වී තිබීම අනිවාර්ය වේ.

    භාෂා විභාග පැවැත්වීමට අමතරව ක්ෂේත්‍ර 14ට අදාළව නිපුනතාවය හා පළපුරුද්ද සලකා බලනු ලබන අතර රැකියා සඳහා අයදුම් කළ හැක්කේ වයස අවුරුදු 18 සිට අවුරුදු 45 අතර තරුණ තරුණියන්ට පමණි.

    මෙම විශේෂ කුසලතා සහිත ජපන් රැකියා පිළිබඳ වැඩිවිස්තර කාර්යාංශ වෙබ් අඩවිය වන 'www.slbfe.lk' වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් නිවැරදිව ලබාගැනීමට අවස්ථාව උදාකර ඇත.

    Latest News