මහර බන්ධනාගාර ගැටුම - තුවාල ලැබූවන් 109ක්..විමර්ශන වාර්තා සතියකින්

දෙසැ 01, 2020

    මහර බන්ධනාගාරයේ සිදුවූ කළහකාරී තත්වයෙන් තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කළ පිරිස 109ක් දක්වා ඉහළ ගොස් ඇත.

    රැඳවියන් 107ක් හා බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් ඒ අතර වෙයි.


    මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා විසින් පංච පුද්ගල කමිටුවක් පත්කර තිබේ.

    විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධනගේ සභාපතීත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ ජනාධිපති නීතීඥ යූ.ආර් සිල්වා, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රෝහණ හපුවත්ත, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණී ජයසිංහ යන අයයි. සිද්ධිය සම්බන්ධයෙන් අතුරු වාර්තාවක් සතියක් තුළ ලබාදෙන ලෙස අධිකරණ අමාත්‍යවරයා එම කමිටුවට උපදෙස් ලබා දී ඇත.

    පෙරේදා රාත්‍රියේ ඇතිවූ මෙම සිද්ධියෙන් 8 දෙනෙක් මියගිය අතර 107ක් තුවාල ලැබීය. ඉන් 10 දෙනෙක්ගේ තත්වය බරපතල බවයි, රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කළේය.

    Last modified on අඟහරුවාදා, 01 දෙසැම්බර් 2020 11:17

    Latest News