සීතාවක ආසාදිතයින් ගණන 37ක් වෙයි

දෙසැ 01, 2020

    සීතාවක අපනයන සැකසුම් කලාපයේ පිහිටි පෞද්ගලික කර්මාන්ත ශාලාවෙන් වාර්තාවන මුළු ආසාධිතයින් සංඛ්‍යාව 37ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ ඊයේ සවස් වන විට අළුතින් ආසාදිතයින් පස් දෙනෙක් වාර්තාවීමත් සමගයි.

    එම ආසාදිතයන්ගේ හා ආශ්‍රිතයන්ගේ පවුල්වල 350කට වැඩි පිරිසක් ස්වයං නිරෝධායනය ලක්කර තිබේ. මෙම ආසාදිතයන් අවිස්සාවේල්ල, යාහැල්ලවත්ත, දැරිණියගල, රුවන්වැල්ල, යටියන්තොට, ඇහැලියගොඩ හා කිරිඇල්ල යන ප්‍රදේශවලින් වාර්තා වී තිබේ.

    Latest News