තවත් ආසාදිතයින් 503ක්

දෙසැ 01, 2020

    අද (01) දින උදෑසන වනවිට මෙරටින් තවත් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 503 දෙනෙකු හඳුනාගෙන ඇත.

    ඔවුන් අතරින් දේශීයව හඳුනාගත් පුද්ගලයින් 496 දෙනෙක්, විදේශගතව සිට මෙරටට පැමිණි දේශිය පුද්ගලයින් 06 දෙනෙක් (එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට 03 ක්, කාටාර් සිට මෙරටට පැමිණි එක් පුද්ගලයෙක්, උගන්ඩාවේ සිට මෙරටට පැමිණි එක් පුද්ගලයෙක් සහ එක් මුහුදු ආරක්ෂමක නිලධාරියෙක්) සහ විදේශගතව සිට මෙරටට පැමිණි එක් මුහුදු ආරක්ෂමක නිලධාරියෙක් ලෙස වාර්ථා වේ.

    හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්ථා වන්නේ, කොළඹ ප්‍රදේශයෙන් ආසාදිතයින් 147 ක්, ගම්පහ ප්‍රදේශයෙන් ආසාදිතයින් 130 ක් සහ මහනුවර ප්‍රදේශයෙන් ආසාදිතයින් 41 ක් ලෙස වේ.

    අද (01) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 02 ක් මියගොස් ඇති අතර එම පුද්ගලයින් ගලහා සහ අටළුගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ.

    ඒ අනූව, අද (01) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 118 ක් දක්වා ඉහළ ගොස් ඇත.

    Latest News