මරණ සංඛ්‍යාව 99ක් - ආසාදිතයින් 559ක්

නොවැ 27, 2020

    ගෙවුනු පැය 24 තුල මෙරටින් 'කොවිඩ් - 19' ආසාදිත පුද්ගලයින් 559 දෙනෙක් හඳුනාගෙන තිබේ.

    ඉන් දේශියව පුද්ගලයින් 553 දෙනෙක්, විදේශීය රටවල සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් 05 දෙනෙක් සහ ග්‍රීසියේ සිට මෙරටට පැමිණි මුහුදු ආරක්ෂකයෙක් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ කොළඹ ප්‍රදේශයෙන්.ආසාදිතයින් සංඛ්‍යාව 253ක්. ගම්පහ ප්‍රදේශයෙන් ආසාදිතයින් 65ක් සහ කලුතර ප්‍රදේශයෙන් ආසාදිතයින් 35ක් ඊයේ දිනයේ වාර්තා විය.

    පසුගිය පැය 24 තුළ 'කොවිඩ්-19' වෛරසය ආසාදනය වී පුද්ගලයින් 03 ක් මියගොස් තිබේ. එම පුද්ගලයින් පෑලියගොඩ, බම්බලපිටිය සහ කොළඹ 08 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් වෙයි.

    ඒ අනුව, අද (27) දින උදෑසන වනවිට මෙරටින් 'කොවිඩ් - 19' ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 99 ක් දක්වා ඉහළ ගොස් ඇත.

    Latest News