සිසුන්ගේ පැමිණීම ඉහළ මට්ටමක..

නොවැ 26, 2020

    පාසල්වල සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ පැමිණීම ඉහළ මට්ටමක පවතින බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

    කොවිඩ් අවදානමක් මතු වුවහොත්,ඕනෑම අවස්ථාවක පාසල වසා දැමීමේ බලය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට හා විදුහල්පතිවරුන් වෙත පවරා තිබේ. අමාත්‍යවරයා මේ අදහස් පළකළේ විපක්ෂනායකවරයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

    අයවැය තෙවැනි වර කියවීමේ විවාදයේ සිව්වන දිනය වන අද රාජ්‍ය අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ විවාදයට ගැනිණ.

    Latest News