වටවල පාසල් සිසුවෙකුට කොවිඩ් 19 අසාදනය වෙයි

නොවැ 26, 2020

    වටවල, කුයිල්වත්ත ප්‍රදේශයේ 17 හැවිරිදි පාසල් සිසුවෙක්ට කොවිඩ් - 19 වෛරසය අසාදනය වී තිබේ.

    පී.සි.ආර් පරික්ෂණ වාර්තාව අනූව මේ බව තහවුරු වූ බව, අඹගමුව කොවිඩ් 19 ප්‍රදේශිය සම්බන්ධීකරණ විශේෂ ඒකකයේ වැඩ බලන පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එස්. කාමදේවන් මහතා පවසයි.

    හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන කුයිල්වත්ත දමිල විද්‍යාලයේ 12 වසරේ අධ්‍යාපනය ලබන අසාදිත සිසුවා (25) දින පාසලට ගොස් ඇතත්, පාසලේ විදුහල්පතිවරයා සහ අචාර්ය මණ්ඩලය විසින් එම සිසුවා කොළඹ සිට පැමිණි නිසා පාසලට භාරගෙන නොමැති බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

    අසාදිත සිසුවා ඔහුගේ මිත්තනිය සමග පාසල් නිවාඩුවට තම මව සහ පියා පදිංචිව සිටින ඔරුගොඩවත්ත ප්‍රදේශයේ නිවසට ගෙස් පාසල් ආරම්භ විමෙන් පසු (24) දින යළිත් වටවල දක්වා එන අතරතුර ගිනිගත්හේන, කළුගල පොලිස් මුරපොලේ දී අහඹු ලෙස පාසල් සිසුවාට සහ මිත්තනිය පි.සි.ආර් පරික්ෂණයට භාජනය කර ඇත.

    අසාදිත පාසල් සිසුවා (25) දින පාසල් භුමියට පැමිණිම නිසා එම පාසල විෂබිජහරණයට ලක් කිරිමද අද (26) දින සිදු කෙරිණ.

    මිත්තනියගේ පි.සි.ආර් පරික්ෂණ වාර්තාව මෙතෙක් ලැබි නොමැති බවත්, අසාදිත පාසල් සිසුවා නිරෝදන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට පියවර ගන්නා බවයි මහජන සෞඛ්යිය පරික්ෂකවරයා කියා සිටියේ.

    Latest News